විපස්සනා භාවනාව

ඇත්ත ඇති සැටියෙන් දැකීම යනුවෙන් අදහස් කරනු ලබන විපස්සනා භාවනා ක‍්‍රමය ඉන්දියාවේ ඉපැරණි භාවනා ක‍්‍රමයකි. දැනට වසර 2500 කට පමණ ඉහත දී මෙය නැවත සොයා ගත් ගෞතම බුදුරජාණන් වහන්සේ එය විශ්වීය දුක් දොම්නස් වලින් මිදෙන විශ්වීය ප‍්‍රතිකර්මයක් ලෙස ලෝකයාට දේශනා කර වදාළ සේක. එනම් එය ජීවත්වීමේ කලාවකි. වාර්ගික නොවන මෙම භාවනා ක‍්‍රමයෙන් බලාපොරොත්තු වන්නේ සිතේ කෙලෙස් මුලූමනින්ම ඉවත් කර දැමීම සහ එයින් ලැබෙන පූර්ණ විමුක්ති සුවයයි.

ස්වයං නිරීක්ෂණය තුළින් ස්වයං පරිණාමය අත්පත් කර ගැනීමේ මගකි, විපස්සනාව. එය මනස සහ ශරීරය අතර ප‍්‍රබල අන්තර් සම්බන්ධතාවයක් කේන්ද්‍ර කරගනියි. මෙය ඍජුවම අවබෝධ කර ගත හැක්කේ, ශරීරයේ සිජීවිකත්වය වූත් එමෙන්ම අඛණ්ඩව මනස හා සම්බන්ධතාවය පවත්වමින් මනසේ පැවැත්ම සකස් කරන්නාවූත් ශාරීරික සංවේදනා වෙත ශික්ෂිත ක‍්‍රමයකට අවධානය යොමු කරමිනි. සිතේ අපවිත‍්‍රතාවය ඉවත් කර දමන්නේ මෙම නිරීක්ෂණාත්මක පදනම මත, නාම රූප දෙකෙහි පොදු නිදානය කරා යන, ස්වයං ගවේෂණාත්මක ගමන යි. එහි ප‍්‍රතිඵලය ලෙස කරුණාවෙන් හා මෛත‍්‍රියෙන් පිරුණු සමබර මනසක් ඇති වේ.

කෙනෙකුගේ සිතුවිලි, හැඟීම්, විනිශ්චයන්, සංවේදනාවන් ක‍්‍රියාත්මක කෙරෙන විiාත්මක නීතින් පිළිබ\ පැහැදිලි අවබෝධයක් ලැබේ. ඍජු අත්දැකීම තුළින් කෙනෙකුගේ දියුණුවේ හෝ පසුබෑමේ ස්වභාවය පිළිබඳවත් , දුක් දොම්නස් උපදවීම හෝ ඒවායින් මිදීම සිදුවන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් වැටහීමක් ඇති වේ. වර්ධනය වූ සිහිනුවන, මුලා නොවී්මේ ස්වභාවය , ස්වයං පාලනය සහ සන්සුන්කම ජීවිතයේ ලක්ෂණ බවට පත් වේ

සම්ප්‍රදාය

බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට වර්තමාන යුගය දක්වා නොකැඩුනු ගුරු පරපුරක් මගින් විපස්සනා භාවනා ක‍්‍රමය පවත්වා ගෙන එනු ලැබේ. වර්තමාන ගුරුතුමා වන එස්. එන්. ගොඑන්කා පෙළපතින් ඉන්දියන් ජාතිකයකු වුවත් ඉපිද හැදුනේ වැඩුනේ මියංමාර් (බුරුම රට* දේශයේය. එතුමා එහි ජීවත් වන කාලයේ දී, රජයේ උසස් නිලයක් දරමින් සිටි සයාජී ඌ බා ඛින් තුමාගෙන් විපස්සනා භාවනාව ඉගෙනීමේ මහඟු අවස්ථාවක් එතුමාට උදා විය. වසර 14 ක් තිස්සේ තම ගුරුතුමා යටතේ පුහුණුව ලත් ගොඑන්කා මහතා ඉන්දියාවේ පදිංචියට පැමිණ 1969 වසරේ සිට විපස්සනා භාවනාව ඉගැන්වීම ආරම්භ කළේය. එතැන් සිට පෙරදිග අපරදිග සියලූ ආගම්වලට අයත් සියලූ ජාතීන්ට අයත් දස දහස් සංඛ්‍යාත ජනතාවකට විපස්සනා භාවනාව උගන්වා ඇත. විපස්සනා භාවනා පාඨමාලා සඳහා ඉල්ලූම වැඩිවෙන්නට වූ නිසා 1982 වසරේ සිට එතුමාට සහාය වීම ස\හා සහායක ගුරුවරුන් පත් කිරීම ආරම්භ විය.

පාඨමාලා

මෙම භාවනා ක‍්‍රමය උගන්වනු ලබන්නේ දස දින නේවාසික පාඨමාලාවල දීය. එහිදී සහභාගිවන්නන් හට නියමිත විනය නීති මාලාවක් අනුගමනය කිරීමට සිදු වේ, මූලික ක‍්‍රමය හදාරා එහි ඵලදායි ප‍්‍රතිඵල අත්දැකීමට ප‍්‍රමාණවත් ලෙස ප‍්‍රගුණ කරති.

පාඨමාලාවේදී දැඩි උනන්දුවෙන් හා කැපවීමෙන් වැඩ කළ යුතු වේ.භාවනා පුහුණුව පියවර තුනකින් සමන්විතය. පළමු පියවර වන්නේ : පාඨමාලා කාලය තුළ දී ප‍්‍රාණඝාතයෙන් වැළකී සිටීම, සොරකම් කිරීමෙන් වැළකී සිටිම, කාමමිත්‍යාචාරයෙන් වැළකී සිටිම, මුසාබස් කීමෙන් වැළකී සිටීම, සහ මත්පැන් සහ මත් ද්‍රව්‍යවලින් වැළකී සිටීම. මෙම සරල විනය නීති මාලාව සිත සන්සුන් කිරීමට ප‍්‍රයෝජනවත් වේ. කලබලකාරි සිතකින් ස්වයං නිරීක්ෂණය කිරීම කළ නොහැක. ඊළඟ පියවර වන්නේ නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින නාස් පුඩුවලින් ඇතුල් වන හුස්මෙහි සහ පිටවන හුස්මෙහි ස්වාභාවික සත්‍යතාවයට අවධානය යොමු කරමින් කිසියම් ප‍්‍රමාණයකට සිත පාලනය කර ගැනීමයි. සිවු වන දිනය වන විට සිත වඩාත් සන්සුන් වේ, වඩාත් එකාග‍්‍රතාවයෙන් යුක්ත වේ. ශරීරය පුරාම සංවේදනාවන් නිරීක්ෂණය කරමින්, ඒවායේ ස්වභාවය අවබෝධ කර ගනිමින්, ඒවාට ප‍්‍රතික‍්‍රියා නොකර උපේක්ෂාව දියුණු කර ගනිමින්, විපස්සනා භාවනාව වැඞීමට ආරම්භ කිරීමට හැකි වේවි. අවසන් වශයෙන්, අවසන් දිනයේදී මෙම වැඩසටහනට සහභාගී වන සියලූ දෙනාටම මෛත‍්‍රී භාවනාව වැඞීමට ඉගෙන ගත හැකි වේ. එම අවස්ථාවේ දී, පාඨමාලා කාලය තුල දී වර්ධනය කර ගත් චිත්ත පාරිශුද්ධතාවය සියලූ සත්වයන් වෙත අනුමෝදන් කරනු ලැබේ.

වෙබ් අඩවිය.විපස්සනා.පාඨමාලා.ඡේදය7

වෙබ් අඩවිය.විපස්සනා.පාඨමාලා.ඡේදය8 පාඨමාලා සඳහා අය කිරීමක් නැත; ආහාර සහ නවාතැන් පහසුකම් වියහියදම් සඳහාවත් අය කිරීමක් නොකෙරේ. විපස්සනා භාවනා පාඨමාලාවක් සම්පූර්ණ කර විපස්සනාවෙන් ප‍්‍රයෝජන ලබා, තමන්ට ලැබුණු ඵල ප‍්‍රයෝජන ලැබීමට අනික් අයටත් අවස්ථාව උදාවේවා’ යන චෙතනාවෙන් ඒ අය විසින් කරන ලද පරිත්‍යාගවලින් පාඨමාලා වියහියදම් ආවරණය කෙරේ.

වේඇත්තවශයෙන්ම, ප‍්‍රගුණ කිරීම පවත්වා ගෙන යාමෙන් අනුක‍්‍රමිකව මෙහි ප‍්‍රතිඵල ලැබේ. දින දහයක් තුළදී සියලූ ප‍්‍රශ්න විසඳී යනු ඇතැයි බලාපොරොත්තු වීම යථාර්ථවාදී නොවේ. කෙසේ වුවත් එම කාලය තුළදී විපස්සනාවේ අත්‍යවශ්‍ය කරුණු ඉගෙන ගත හැකි වේ. එය දෛනික ජීවිතයේදී ප‍්‍රයෝජනවත් වේ. භාවනා ක‍්‍රමය වැඩි වැඩියෙන් වඩන්නේ නම් එ් තරමට දුකින් මිදිමත්,අවසානයේදී ක‍්‍රමක‍්‍රමයෙන් පූර්ණ විමුක්තිය කරා ළඟා වීමත් සිදු වේ. දින දහයක භාවනාවෙන් පවා ලැබෙන ප‍්‍රතිඵල එදිනෙදා ජීවිතයට පැහැදිලි ලෙසම ප‍්‍රයෝජනවත්

මෙම භාවනා ක‍්‍රමයේ ක‍්‍රියාකාරිත්වය තමන් විසින්ම අවබෝධ කර ගැනීමටත් එහි ප‍්‍රයෝජනත්වය ගැන තීරණය කිරීමට අවංකව කැමති සියලූ දෙනාට පාඨමාලාවට සම්බන්ධවීමට ආරාධනා කරමු . මේ සඳහා ප‍්‍රයත්න දරණ සියලූ දෙනාට විපස්සනාව නියම සතුට උදාකර ගෙන අනික් අයත් සමඟ බෙදා ගත හැකි ක‍්‍රමයක් බව දැන ගන්නට ලැබේවි.